ප්‍රමුඛ පුවත 1

අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවේ

(UTV|වව්නියාව) –  රුපියල් ලක්ෂ 50 කට වඩා වැඩි වටිනාකමින් යුත් අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු වව්නියාව, ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගැනේ.

ඊයේ (10) රාත්‍රියේදී වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම භූගතව පවතින ලෝහ හා වෙනත් ද්‍රව්‍ය සෙවීමට භාවිතා කරන මෙම අධි සංවේදන ස්කෑනර් යන්ත්‍ර නිසි අවසරයකින් තොරව මෙරටට ගෙන ඒම තහනම් වේ.

සැකකරුවන් විසින් නිධන් සෙවීමට හෝ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සැඟවූ රත්රන් සෙවීමට අදාළ ස්කෑනර් යන්ත්‍රය ගෙන එන්නට ඇති බවට සැක කරයි.

පොලිස් වි‍ශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නවීන මෝටර් රථයකින් අදාළ ස්කෑනර් යන්ත්‍රය සැකකරුවන් ප්‍රවාහනය කර ඇති අතර මහනුවර ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (11)  වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 සා.පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

තවත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment