ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.2 කින් ඉහළට

(UTV| කොළඹ) –  සංචාරක ආකර්ෂණීය රටක් වන ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.2 කින් ඉහළ ‍ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ‍මේ වස‍රේ මැයි මාස‍යේ දී වි‍දේශීය සංචාරකයන් 129,466 ‍දෙ‍නෙකු ‍මෙරටට පැමිණ ති‍බේ.

එය 2017 වස‍රේ මැයි මාසයට සා‍පේක්ෂව සියයට 6.2 ක වර්ධනයකි.

පසුගිය වස‍රේ මැයි මාස‍යේ දී වි‍දේශීය සංචාරකයන් 121,891 ‍දෙ‍නෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ වසරේ මුල් මාස‍ කිහිපයේ දී ‍විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර වර්ධනය පෙන්නුම්කර තිබෙන අතර එම තත්ත්වය වසර අවසන් වනවිට දැවැන්ත වර්ධනයක් දක්වා වර්ධනය වනු ඇතැයි ද ‍මේ වසර අවසාන‍ය වනවිට වි‍දේශීය සංචාරකයන් ලක්ෂ 25ක් ‍ගෙන්වා ගැනීම රජ‍යේ ඉලක්කය වී ති‍බෙන බවද එම අධිකාරිය ‍පෙන්වාදෙයි.

පසුගිය 2017 වස‍රේ දී වි‍දේශීය සංචාරකයන් 2,116,407 ‍දෙ‍නෙකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ති‍බෙන අතර එය ‍පෙර වසරට සා‍පේක්ෂව විශාල වර්ධනයක් බවද ‍මේ තත්ත්වය ශ්‍රී ලංකා‍වේ ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ‍

මේ වසරේ මුල් මාස පහක කාලයේ දී විදෙස් සංචාරකයන් 1,017,819 දෙනෙකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය පසුගිය වසරේ එම කාලයේ දී පැමිණි 887,093 ට සාපේක්ෂව සියයට 14.7 ක වර්ධනයක් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝලීය කම්පනයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි ද….? – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අදහස් දක්වති.

Editor O

කොළඹ – බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කිරීමේ සුදානම(ඡායාරූප)

Mohamed Dilsad

කරුණා අම්මාන්ගෙන් නව පක්ෂයක්

Mohamed Dilsad

Leave a Comment