ප්‍රමුඛ පුවත 1

මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයි

(උදයම්,මලයාසියාව)  – මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර තිබේ.ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්දීය ජාතිකයෙකු මලයාසියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඝාතනයට ලක්වු පුද්ගලයාගේ 27 හැවිරිදි ශ්‍රී ලාංකික මිතුරෙකු සහ 30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තාවේ.
පසුගියදා මලයාසියාවේ පැඩන්ග් බුලු ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර සිදුකළ මූලික විර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට පහරදී මෙම  ඝාතනය කර ඇති බවය.

Related posts

බුර්කාව තහනම් කෙරෙන පනත් කෙටුම්පත් කැබිනට්ටුවට

Mohamed Dilsad

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment