ප්‍රමුඛ පුවත 1

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගැන සුව ඇමති කියන කතාව

(UTV| කොළඹ) –  ඉන්ෆ්ලුවෙන්සා එන්නත විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණක් රෝහල්වලට ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම එන්නත දකුණේ වෛරස් උණ රෝගයට ගොඳුරු වූ රෝගීන්ට ලබාදීමට යෝජනා කර තිබේ. නමුත් එම එන්නත රෝහල් වල නොමැතිකමින් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද (31) පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුලුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“දකුණේ වෛරස් උණ රෝගයට ගොඳුරු වූ රෝගීන් සඳහා යෝජනා කර ඇති එන්නත මාධ්‍ය කියන විදිහට ලබා දෙන්න බැහැ.

එන්නත් ලබා දීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි.  දේශපාලනඥයින් විදිහට ඇතැම් අය ජනප්‍රිය තීන්දු තීරණ ගන්නවා.
නමුත් මම ජනප්‍රිය තීන්දු තීරණ ගන්නේ නැහැ.

උදාහරණයක් විදිහට පිලිපීනයේ ජනාධිපතිවරයා එරට ඩෙංගු රෝගයට ගොදුරුවූවන් සදහා ඖෂධයක් ගෙන්වා තිබෙනවා. මේ වන විට ඒ පිළිබදව ජනාධිපතිවරයාට දුෂණ චෝදනා එල්ල වෙලා. ඒ ජනප්‍රිය තීන්දු තීරණ ගත්ත නිසයි. මම මෙම එන්නත පිළිබද සොයාබැලීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටුවකට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කරනවා.

එහි අනුමැතිය ලැබුනොත් පමණක් රෝහල්වලට ලබාදෙනවා. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වුවත් ගන්නා තීන්දු තීරණ හරිම ප්‍රබලයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය පිළිගෙන තිබෙනවා. අපි විද්‍යානුකූල සහ නිවැරදි තීන්දු ගත යුතුයි.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආපනශාලාවක ගින්නක්

Mohamed Dilsad

ජගත් පරිසර දින සැමරුම අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

යළි දුම්රිය සේවක වර්ජනයක්?

Mohamed Dilsad

Leave a Comment