ප්‍රමුඛ පුවත 1

පීඩාවට පත්වුවන්ට වහාම වියළි ආහාර ද්‍රව්‍ය සතොසින් ලබාදෙන්න ඇමති රිෂාඩ්ගෙන් උපදෙස්

(UTV| කොළඹ) – ගංවතුර, නායයෑම් වැනි හදිසි ආපදා තත්වයන් නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට, එම ප්‍රදේශවල පිහිටි ලංකා සතොස අලෙවි සැල් මඟින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉල්ලීම් වලට අනුව වහාම ලබාදීමට පියවර ගන්නා මෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකා සතොස පාලනාධිකාරියට හා කළමනාකරුවන්ට උපදෙස් ලබාදෙයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගංවතුර ආපදාව වැඩි ප්‍රදේශවල පවතින ලංකා සතොස ගබඩා පහසුකම් තවදුරටත් පුළුල් කරමින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ගබඩා කර ගන්නා ලෙසද, සියලුම ලංකා සතොස අලෙවිසැල් වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොග යාවත්කාලීන කර පවත්වාගෙන යන ලෙසද, එම සතොස අලෙවිසැල් වල සේවය අවශ්‍ය හැම විටම ලබාදීමට සූදානමින් සිටින ලෙසද, අමාත්‍යවරයා ලංකා සතොස පාලනාධිකාරියට හා සියලුම කළමනාකරුවන්ට දැනුම්දී ඇති බවයි.

එසේම අපදාවන් පවතින ප්‍රදේශවල ලංකා සතොස ගබඩාවලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ගුවන් මඟින් හෝ යාත්‍රා මඟින් හෝ බෙදා හැරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් දන්වා සිටීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවර කටයුතු වලට යන අයට අනතුරු අඟවයි

Mohamed Dilsad

FaceApp එකෙන් වයසට ගිය අයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

8 වැනි පාර්ලිමේන්තුව පළමු වරට ලබන 08

Mohamed Dilsad

Leave a Comment