විදෙස්

ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක හමුව අවිනිශ්චිතයි

(UTV|ඇමෙරිකාව) – සැලසුම් කල පරිදි  ඇමෙරිකාව සහ උතුරු කොරියානු නායක අතර හමුව පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එම හමුව ජුනි 12 වනදාට  පැවැත්වීමට යොදා ගෙන තිබුණි.

ජනාධිපති ට්‍රම්ප් මේ බව කියා සිටියේ ඊයේ (22) දකුණු කොරියානු නායක මුන් ජේ-යින් ගේ අමෙරිකානු සංචාරය අතරවාරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

උතුරු කොරියාව සහ අමෙරිකාව අතර පැවැත්වීමට නියමිත සාකච්ජා වේ ප්‍රධාන පහසුකම් සපයන්නා වන්නේ දකුණු කොරියාවයි.

දකුණු කොරියානු නායකයා විසින් අමෙරිකාවේ සංචාරය කිරීමට සැලසුම් කර තිබුනේ මෙම ඓතිහාසික හමුවට පෙර සිටයි. කෙසේ වුවත් දකුණු කොරියාව සමග පවත්වන සියලුම සාකච්ජා නතර කිරීමට උතුරු කොරියාව කටයුතු කලේ මිට සති දෙකකට ඉහතදීයි.

යම් හෙයකින් මෙම සමුළුව ජුනි 12 වෙනිදා නොපැවැත්වුවත් ඉතා නුදුරු දිනයකදීම පැවැත්වීමට හැකි වනු ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයකින් 140 ක් රෝහලේ

Mohamed Dilsad

සෙල්ෆි ගන්න ගිය සිසුවා දිය ඇල්ලකින් වැටි මියයයි.

Mohamed Dilsad

මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment