ප්‍රමුඛ පුවත 1

වර්ෂාවත් සමග ගංඟා 6 ක ජල මට්ටම ඉහළට

(UTV| කොළඹ) – පවතින අධික වර්ෂාවත් සමග ගංඟා 6 ක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අධික වැසි සමග ලක්ෂපාන හා කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් සිසිර හේනාධීර මහතා පැවසුවේ, කුකලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් නිකුත් කර ඇති අතර කළු ගඟ පහළ ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි.

ලක්ෂපාන ජලාශයේ ද වාං දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් පහත් බිම් වල ජනතාව විමසිලිමත් විය යුතු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.

මේ අතර ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, නෙළුව, තවලම, උඩුගම සහ මාපලගම යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී තිබේ.

ප්‍රධාන මාර්ග රැසක් හා අතුරු මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුව ඇති බවයි.

පවතින අධික වැසි සහිත කාලගුණයක් සමඟ පීඩාවට පත් වු ජනතාවට සහන සැලසීම සඳහා හමුදා සාමාජිකයින් 500 කට ආසන්න පිරිසක් සිරුවෙන් තබා ආරක්ෂක අංශ පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ පාලින්ද නුවරට දැනටමත් කණ්ඩායමක් යොමුකර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අගවිනිසුරුවරයෙකු, වැඩ බලන පොලිස්පතිවරයෙකු, වැඩ බලන නීතිපතිවරයෙකු සහ විගණකාධිපතිවරයෙක් පත් කෙරේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 9ක ඩෙංගු අවධානම

Mohamed Dilsad

ජවිපෙ යළි විරෝධතා පෙළපාළියකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment