ප්‍රමුඛ පුවත 1

කථානායක පුටුව බිමට වැටීම අසුභද

(උදයම්,කොළඹ)  – පාර්ලිමේන්තු සභා ගර්භයේ මූලාසනයේ ඇති කථානායක පුටුව ඊයේ (09) පෙරළී බිම පතිත වීම සම්බන්ධයෙන් විවිධ මත පල වෙයි.

මූලාසනයේ සිටි සභාපති මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා මුලසුනේ සිටින කාලය අවසන්වීමෙන් පසුව ඔහු පිටත්ව යාමට නැගී සිට කථානායක පුටුව පසුපසට තල්ලු කළ අවස්ථාවේදී එය පෙරළී බිමට පතිත වී ඇත.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන් පැමිණ වහාම පුටුව ඔසවා යළි පැවැති තත්ත්වයෙන් ස්ථාන ගත කර තිබේ.

පුටුව බිම පෙරළී ගිය අවස්ථාවේ නැගී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ  “ පාර්ලිමේන්තු ඉතිහාසයේ  කථානායක පුටුව පෙරළුණු පළමු අවස්ථාව මෙය බවයි”. මෙය අසුබ ලකුණක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

පක්‍ෂ නායක රැස්වීම අද කතානායකගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

විරෝධයට එක්වූ සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment