ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී නාමල් ඇතුළු 4කට FCIDයේ පෙනී සිටින ලෙස නියෝග

(උදයම්,කොළඹ) – මන්ත්‍රී ධුරය අයුතු ලෙස භාවිත කරමින් මුදලක් උපයාගත් බවට චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත් සැකකරුවන් 04 දෙනෙකුට සෑම මාස දෙකකට වරක් අවසන් ඉරු දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අයුතු ලෙස භාවිත කරමින් රුපියල් මිලියන 45ක මුදලක් උපයාගත් බවට චෝදනා කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ගොනුකළ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

මීට අමතරව නාමල් රාජපක්ෂට අයත් සමාගම් දෙකක අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කර රටින් බැහැරව සිටින නිතිඥයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමටද අද වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩු විභාගයන් ලබන ජුනි මස 25 වන දින නැවත කැඳවන බව මහේස්ත්‍රාත්වරයා අද දැනුම් දුන්නේය.

Related posts

විදේශගත ලාංකික දරුවන්ට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරීමට අවස්ථාව

Mohamed Dilsad

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් 7දෙනෙකු නිදහස්

Mohamed Dilsad

නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ තනතුර වසර 03කට අහෝසි කරයි.

Mohamed Dilsad

Leave a Comment