ප්‍රමුඛ පුවත 1

ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයින් විරෝධතාවයේ

(උදයම්,කොළඹ) –  කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයෝ මේ වනවිට විරෝධතාවයේ නිරත වෙති.

ඒ පසුගියදා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයින් පිරිසක් ක්‍රීඩාගාරයේ වහලය මත නැඟී ආරම්භ කළ උපවාසයට සහයෝගය පළකරමිනි.

සූරියවැව සහ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනවල සේවකයෝ ක්‍රීඩාගාරයේ වහලය මත නැඟ විරෝධතත්වයේ නියැලී සිටිති.

කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් 11 දෙනෙකු පසුගියදා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරයේ වහලය මත නැගී උපවාසයක් අරම්භ කළේය.

ඒ වසර 10ක කාලයක් සේවය කල තමන් මෙතෙක් සේවයේ ස්ථිර කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැති නිසා ඊට විරෝධය පල කරමිනි .

Related posts

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කරන නායකයෙක් අවශ්‍යයි – රිෂාඩ්

Mohamed Dilsad

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කෙරේ

Mohamed Dilsad

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් හෙට

Mohamed Dilsad

Leave a Comment