ප්‍රමුඛ පුවත 1

ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයින් විරෝධතාවයේ

(උදයම්,කොළඹ) –  කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයෝ මේ වනවිට විරෝධතාවයේ නිරත වෙති.

ඒ පසුගියදා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයින් පිරිසක් ක්‍රීඩාගාරයේ වහලය මත නැඟී ආරම්භ කළ උපවාසයට සහයෝගය පළකරමිනි.

සූරියවැව සහ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනවල සේවකයෝ ක්‍රීඩාගාරයේ වහලය මත නැඟ විරෝධතත්වයේ නියැලී සිටිති.

කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් 11 දෙනෙකු පසුගියදා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරයේ වහලය මත නැගී උපවාසයක් අරම්භ කළේය.

ඒ වසර 10ක කාලයක් සේවය කල තමන් මෙතෙක් සේවයේ ස්ථිර කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැති නිසා ඊට විරෝධය පල කරමිනි .

Related posts

ජනපති අපේක්ෂකයන් දෙදෙනෙකු ගැන එරන්ද කතා කරයි [VIDEO]

Mohamed Dilsad

විශ්වාසය තහවුරු කෙරෙන තවත් යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

නව කැබිනට්ටුව ලබන සතියේ රැස්වේ

Mohamed Dilsad

Leave a Comment