ප්‍රමුඛ පුවත 1

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

(UTV| කුරුණෑගල) – පන්නල, මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් කොල්ල කා පළා ගොස් ඇති බව වාර්තාවේ.

අද අලුයම 12.30 ත් 1.00 ත් අතර කාලය තුළ මෝටර් රථයකින් මුහුණු ආවරණය කර ගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කොල්ලය සිදු කර පලා ගොස් තිබේ.

ඔවුන් විසින් රුපියල් 70,000 ක මුදලක් කොල්ලකා ඇති බව අනාවරණය වී ඇත.

ඉන්ධන පිරවුම් හලේ සේවයේ යෙදි සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මන්නා පිහි දෙකක් පෙන්වා තර්ජනය කර කොල්ලකරුවන් විසින් මෙලෙස මුදල් පැහැර ගෙන ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම පළා ගොස් තිබේ.

සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔවුන් සොයා පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙනම රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි

Mohamed Dilsad

සියලුම දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්කරන ‌ලෙස දිසාපතිවරුන්ට උපදෙස්

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment