ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා මාලදියින් කමිටු සැසිය අදින් අවසන්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තුන්වන ඒකාබද්ධ කමිටු සැසිය අදින් අවසන් වෙයි.
මෙම සැසිය මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යංශයේදී කමිටු සැසිවාරය ඊයේ(07) ආරම්භ විය.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍ය ආචාර්ය මොහොමඩ් අසීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිතයින් කණ්ඩායම් දෙකක් එම සැසිය සඳහා සහභාගී වෙයි.
දෙරට අතර ආර්ථික සහයෝගීතාව, සංචාරක, ධීවර කර්මාන්ත, අධ්‍යාපන, සෞඛ්‍ය, තරුණ හා ක්‍රීඩා සංවර්ධන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව එහිදී අවධානය යොමු කර තිබේ.

මේ අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමීන්, අබ්දුල් ගයුම් මහතා සමඟ සාකච්ඡාවක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

අද විශේෂ පක්ෂ නායක රැස්විමක්

Mohamed Dilsad

අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට අගමැති සුදානම්

Mohamed Dilsad

Leave a Comment