ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය ආරක්ෂිත දන්සැල් ගැන දැනගන්න දුරකතන අංකයක්

(UTV| කොළඹ) – වෙසක් හා පොසොන් සමයේ දන්සැල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වීමටත්,මේ පිළිබඳව සෞඛ්‍ය දැනුවත් කිරීම සඳහා දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක සුවසැරිය සෞඛ්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ 071-0107107 දුරකතන අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

දන්සැල් පවත්වාගැනීමේ දී මහජන සෞඛ්‍ය පිලිබඳව විශේෂ සැළකිලිමත් වීමක් අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය සහාය හා දැනුවත් කිරීම සිදු කිරීමට සූදානම් බවත් වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළාය.

ඉතාමත් හොඳ ආහාර වෙළක් ලබාදීමේ දී රෝගී තත්ත්වයන් ඇති නොවන ආකාරයට ලබාදීම වැදගත් වෙනවා. බැක්ටීරියා වර්ග ආසාදනය වීමෙන් ආහාර විෂවීම් ඇතිවිය හැකියි. ඒ නිසා බැක්ටීරියා ආසාදනය වීම අවම කර
ගැනීමට කටයුතු කළ යුතුයි. දන්සැල් පැවැත්වීමට පෙර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරය දැනුවත් කිරීම, දන්සැල ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම,ආහාර පිළියෙළ කිරීම, ආහාර ලබාදීම,  දන්සැල අවසන් වීමෙන් පසු අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම අදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් වන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළාය.

වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මේ බව සඳහන් කළේ, අද (23) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“මහින්දට සහය දැක්වුවා නම් රිෂාඩ්ට එරෙහිව කිසිම චෝදනාවක් නැහැ “ඇමති මංගල කියයි

Mohamed Dilsad

සයිටම් සිසුන් 40ක් අද කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධුර අහිමි වූ අය මෙන්න

Mohamed Dilsad

Leave a Comment