ප්‍රමුඛ පුවත 1

ජනපතිගේ ලන්ඩන් සංචාරය පිළිබඳ පැතිරෙන වාර්තා අසත්‍යයි

(UTV| කොළඹ) – පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතී.

මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිතුමා සමග නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණි.

තවද නිල දූත පිරිසට අයත් නොවූවත් ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ද ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මීට එක්ව සිටිති.

ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවති වෙනත් කිසිදු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙක් සහභාගී වී නොමැත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන් සහභාගී වී ඇත්තේ ආර්ථික සමුළුවට බව ද දන්වා සිටින අතර එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයකට ජනාධිපති කාර්යාලය වියදම් දරා නැත.

එබැවින් ඇතැම් මාධ්‍යවල සියයකට අධික දූත පිරිසක් සහභාගී වන බවට පළවන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කර සිටිමු.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාතාල නායකයින්ට ලබාදීමට ගෙන ගිය ජංගම දුරකථන සොයා ගත් නිලධාරීන් ඇගයේ [VIDEO]

Mohamed Dilsad

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකා නෞකා දෙකක් කොළඹට

Mohamed Dilsad

පාතාලයට සම්බන්ධ 8 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment