විදෙස්

දකුණු කොරියානු හිටපු ජනාධිපතිනියට වසර 24ක සිර දඩුවම්

(UTV| කොළඹ) – දූෂණ චෝදනා එල්ල වී සිටි දකුණු කොරියානු හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවෙන්හෙයිට වසර 24 ක සිරදඬූවම් නියම කරයි.

ඒ දකුණු කොරියාවේ දේශපාලනඥයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් අල්ලස් ලබා ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අද (06) පැවති නඩු විභාගයේදී ඇය වරදකාරිය වී තිබේ.

මේ අනුව, හිටපු ජනාධිපතිවරිය ඇගේ මිතුරියක වූ චොයි සුන් සීල් හරහා එරට විශාල සමාගම් කිහිපයකින් බිලියන ගණනින් මුදල් ලබාගෙන ඇති බව අධිකරණයේදී අනාවරණ වී ඇත.

සිරදඬූවමට අමතරව දකුණු කොරියානු හිටපු ජනාධිපතිනියට ඇමරිකානු ඩොලර් මිලියන 17 ක දඩ මුදලක් ගෙවන ලෙස ද එරට අධිකරණය නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්

Editor O

කොරෝනා එන්නත ලබාගන්නා අයෙකුට ගංජා නොමිලේ

Mohamed Dilsad

ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment