ව්‍යාපාරික

විදුලි මෝටර් රථ ඉතිහාසයට අලුත් පියවරක්

(UTV| ජපානය) –  විදුලි මෝටර් රථ ඉතිහාසයේ නව අදියරක් ආරම්භ කිරීමට ජපානයේ නිසාන් මෝටර් රථ සමාගම සමත් වෙයි.

ආකර්ශනීය බවින් හා බලයෙන් වඩාත් ප්‍රබල නව Leaf SUV මෙම මෝටර් රථය වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

වඩාත් ඉඩ පහසුකම් සහිත මෙම SUV විදුලි මෝටර් රථය වඩාත් ප්‍රායෝගික වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

IMx සංකල්පයෙන් යුතු මෙම රථය පසුගියදා පැවති ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කර තිබේ.

එය මෝටර් රථ ලෝලීන්ගේ සිත් පැහැර ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍යවල දැක්වේ.

මෙම මෝටර් රථය එක් වරක් ආරෝපණය කිරීම මගින් කිලෝ මීටර් 600 ක් හෙවත් සැතපුම් 372 ක් මෙම රථය ධාවනය කළ හැකි බවත් වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ කොටස් වෙළඳපොල විවෘත කිරීම කල් යයි

Mohamed Dilsad

තුර්කි හමුදා ලිබියාවට යැවීම අරඹයි

Mohamed Dilsad

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

Leave a Comment