ප්‍රමුඛ පුවත 1

ජනපති රුසියානු තානාපති කාර්යාලයට ගොස් ශෝකය පළ කරයි

(UTV| කොළඹ) – රුසියාවේ, කෙමෙරෝවොහි විනෝද වෙළෙද සංකීර්ණයක් තුළ ඇති වූ ගින්නකින් කුඩා දරුවන් ඇතුථ පුද්ගලයින් රැසකගේ ජීවිත අහිමිවීමේ ඛේදවාචකය පිළිබද ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කරයි.

ඊයේ (28) පස්වරුවේ කොළඹ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා වෙත විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ කළේය.

මෙම කනගාටුදායක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයත්, ජනතාවත් රුසියානු රජය සහ එම මිත්‍ර ජනතාව සමග සිය සංවේගය ඛෙදා ගන්නා බව ජනාධිපතිතුමා සිය ශෝක සටහනේ වැඩිදුරටත් සදහන් කර  තිබේ.
රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මැටරි මහතා ඇතුථ කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය. අනතුරුව ජනාධිපතිතුමා රුසියානු තානාපතිවරයා සමග සුහද කථා බහකට ද එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරයි [VIDEO]

Mohamed Dilsad

ගුවන් මගීන් අපහසුතාවයට පත්වන ලෙස කටයුතු කරන්නේ නෑ- නියෝජ්‍ය පාලක ( ආගමන හා විගමන)

Mohamed Dilsad

Leave a Comment