කලා

බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැන ගත් RAEES

මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැනට පවීමටත්,ඉහළ සාර්ථකත්වයක් හිමිකර ගැනීමටත් ‘රායිස්’ චිත්‍රපටයට සමත්ව තිබේ.

සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය පසුගිය ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය.

එය දැනට ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 150කට වඩා වැඩි මුදලක් සොයා ගැනීමට සමත්ව ඇත.

මෙම චිත්‍රපටය දින තුනක් ගතවෙද්දී සිය නිෂ්පාදන මුදල වූ ඉන්දීය රුපියල් කෝටි 70ක මුදල සොයා ගැනීමට සමත්ව ඇති බව ඉන්දීය වාර්තා පෙන්වාදෙයි.

මෙම චිත්‍රපටය තිරගත වූ දිනයේදීම රිතික් රෝෂන් රඟන ‘කාබිල්’ චිත්‍රපටයටද තිරගත වූ අතර, සිතු තරම් ‘කාබිල්’ චිත්‍රපටයෙන් ෂාරුක් රඟපෑ ‘රායිස්’ චිත්‍රපටයට බලපෑමක් නොලැබුණ බව සඳහන්ව ඇත.

[ot-video][/ot-video]

 

Related posts

මියුසික් වීඩියෝ කලාවට අලුත් මුහුණුවරක්

Mohamed Dilsad

දමිළ බසට හැරවෙන Driving Licence

Mohamed Dilsad

කරිෂ්මා කපූර් රිදී තිරයට සමු දෙයිද?

Mohamed Dilsad

Leave a Comment