ප්‍රමුඛ පුවත 1

මන්නාරම් ධීවරයින්ට තිබු තහනම ඉවතට

(UTV| කොළඹ) – මන්නාරමේ , තෝට්ටවේලී, ජොෂප්වාස් නගර් හා කට්ඩුවාන් යන ප්‍රදේශවල ධීවරයින්ට මසුන් මැරීමට  මුහුදු යාමට පනවා තිබූ අධිකරණ නියෝගය ඉවත් කෙරේ.

ඒ මන්නාරම මහේස්ත්‍රාත් ඒ,එම්.ඇලෙක්ස් රාජා මහතා විසිනි.
තහනම් ධීවර ආම්පන්න භාවිත කිරීමේ චෝදනාව මත මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ ධීවර පරීක්ෂක නිලධාරීන් විසින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව එම ධීවර තොටුපලවලින් මුහුදු ගිය ධීවරයින් 23 දෙනෙකුගේ මුහුදු යාමේ කටයුතු අධිකරණය මඟින් තාවකාලිකව අත්හිටුවා තිබුණි.
නිසි දැල් ආම්පන්න මිලට ගැනීමත් ධීවර නීතිරීති උල්ලංඝණය නොකොට මසුන් මැරීමේ කටයුතු වල නිරතවන බවටත් මෙම ධීවරයින් අධිකරණයට පොරොන්දුවීමෙන් පසුව ඔවුන්ට එරෙහිව තිබූ අධිකරණ නියෝගය අත්හිටුවා තිබේ.
අධිකරණ නියෝගය ක්‍රියාත්මක වූ මුළු කාලය පුරාම එම ධීවරයින්ගේ ධීවර යාත්‍රා එම ධීවර තොටුපලවල් අසල නතර කොට තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෝදර වෙඩි තැබීමක්

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

අපේ දේ රැක ගනිමින් ඊට වටිනාකමක් ලබාදිය යුතුයි – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment