විදෙස්

කුවේටයෙන් රටවල් 5 කට වීසා තහනමක්

(උදයම්,කොළඹ) – කුවේටය ද රටවල් 5 කට එරෙහිව වීසා තහනමක් පනවයි.

ඊට හේතුව වී ඇත්තේ නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල් 7 කට එරෙහිව වීසා තහනමක් ප්‍රකාශයට පත් කිරීමය.

ඒ අනුව, සිරියාව, ඉරාකය, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට කුවේටය මින් පසු වීසා නිකුත් නොකරනු ඇත.

අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම් තම රටට ඇතුළු වීම වැළැක්වීම සදහා එම පියවර ගත් බවයි කුවේටය ප්‍රකාශ කර තිබේ.

ඇමරිකාව වීසා තහනම පැනවූ රටවල් අතරට සිරියාව, ඉරාකය සහ ඉරානය හැරුණු කොට සුඩානය, ලිබියාව, සෝමාලියාව සහ යේමනය ද ඇතුළත් වේ.

නමුත් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඇමරිකාව එවැනි තහනමක් පනවා නොමැත.

Related posts

පාකිස්තානයේ දුම්රියක් පීලිපනී – 25ක් මරුට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්

Editor O

ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

Mohamed Dilsad

Leave a Comment