ප්‍රමුඛ පුවත 1

විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් -අධ්‍යාපන ඇමති කියයි

පසුගිය දා පැවැත්වූ විදුහල්පති සේවයෙ තෙවැනි පන්තියට බඳවා ගැනීමේ විභාගයෙන් සමත් වූ පිරිස අතරින් විදේශ පුහුණුව සඳහා තෝරාගත් සංඛ්‍යාව 278ක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

විදුහල්පතිවරු 4000ක් බඳවාගනු ලබුවා තුන්වන ශ්‍රේණියට. බඳවා ගැනීම සිදු කළේ කිසිම දේශපාලන බලපැමකින් තොරවයි. විභාගයේ ලකුණු මත බඳවා ගත්තා. නේවාසික පුහුණුවක් ලබාදුන්නා. විදේශීය පුහුණුවෙන් පසුව දැන් පද්ධතියට දමා තිබෙනවා. පළාත් සභා වෙත යොමු කර තිබෙනවා.ඇතැමෙක් තවමත් උපගුරුවරු වැඩ බලනවා. මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

හදාරපු විෂය අනුව පමණක් ගුරුවරු බඳවගැනීම සිදු කරන්න කියල කැබිනට් පත්‍රිකාවක් යොමු කළා. අදාළ නැති වෙනත් විෂයන් වලට ගුරුවරු බඳවා ගැනීමෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව පහළ වැටෙනවා.ගුරු තුලනය කළ හැකියි. අතිරික්ත ගුරුවරු පාසල්වල තබා ගැනීම අපරාධයක්.මෙය පළාත් මට්ටමින් සිදු කළ යුතු බවද අමත්‍යවරයා පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව රජය අපහසුතාවයට පත් කිරීමට පිරිසක් කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

අනාගත පරපුර මත්උවදුරින් ආරක්ෂා කිරීමට ප්‍රජා මැදිහත්වීම වැදගත්- අධ්‍යාපන අමාත්‍ය

Mohamed Dilsad

මන්ත්‍රී රිෂාඩ් ඇමති විමල්ට අභියෝග කරයි

Mohamed Dilsad

Leave a Comment