Trending News

“ආරක්ෂක අංශ සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරනවා”ජනපති

හෙට දවසේ අභියෝග ජයගැනීම සඳහා ආරක්ෂක අංශ සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම කිසිදා අමතක නොකළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය සහ රෙජිමේන්තු යෂ්ටිය ප්‍රදානය කිරීම වෙනුවෙන් අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය සහ රෙජිමේන්තු යෂ්ටිය ප්‍රදානය කිරීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක් අද (30) පස්වරුවේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරු භූමියේ දී පැවැත්විණි.

අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත පැමිණි ගරු ජනාධිපතිතුමා ආරක්ෂක ප්‍රධානීන් විසින් ඉතා අභිමානවත් අයුරින් පිළිගනු ලැබිණි.

අනතුරුව ගරු ජනාධිපතිතුමා විසින් ආචාර පෙළපාලිය නිරික්ෂණය කරනු ලැබීය.

ජාත්‍යන්තරයෙන් පවා පැසසුම් ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළ දෑත් වලින් නිමවු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පුස්තකාලය විවෘත කළ ගරු ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

චීනදෙනිය මහා විද්‍යාලයේ 05 වසර ශිෂත්ව විභාගය සමත් සිසුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

Related posts

சிறந்த தார்மீக ஊடகக் கலாசாரத்தைக் கட்டியெழுப்பும் பணியில் அரச ஊடகங்கள் முன்னணி வகிக்க வேண்டும் – ஜனாதிபதி [PHOTOS]

Mohamed Dilsad

கொழும்பில் இலகு ரக ரயில் சேவை…

Mohamed Dilsad

எதிர்வரும் நாட்களில் இலங்கையில் உறைபனி

Mohamed Dilsad

Leave a Comment