විදෙස්

චීනයේ සත්වෝද්‍යානයක් තුලදී කොටියෙකු වෙඩිකයි

(උදයම්,චීනය) – නැගෙනහිර චීනයේ සත්වෝද්‍යානයක් තුලදී මිනිසෙකු සපාකෑ කොටියෙකු වෙඩි තබා ඝාතනය කරයි.

සත්වෝද්‍යානයේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

ඊයේ පස්වරුවේ නින්ග්බෝ නගරයේ පිහිටි යන්ගෝ සත්වෝද්‍යානයේ සිටි කොටියෙකු මෙලෙස ඝාතනය කර ඇත.

සපකෑමට ලක්වූ පුද්ගලයා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම පුද්ගලයා සත්වෝද්‍යානයට ඇතුල්වීමට ප්‍රවේශ පත්‍රයක් මිලදී නොගෙන සත්වෝද්‍යානයේ තාප්පයෙන් ඇතුල් වීමට උත්සහ දැරීමේදී කොටියා සිටි කූදඩුවට වැටී තිබේ.

කෙසේ වෙතත් ආරක්ෂක හේතුන් මත මේවන විටත් සත්වෝද්‍යානය වස දමා ඇති බවද වාර්තාවේ.

Related posts

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට…? බොරතෙල් මිල පහළ ට

Editor O

මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයා සිරගත කෙරේ

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 42100 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment