ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට සැලසුම්

(UTV| කොළඹ) -වසර 2020 වනවිට නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මත්ස්‍ය අඟිල්ලන් සංඛ්‍යාව මිලියන 150ක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.

වගා පාදක ධීවර කර්මාන්තය නැංවීමේහි ලා මත්ස්‍ය බීජ නිෂ්පාදනය සඳහා ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් දියුණු කර ඇත.

ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකරිය සතු ඉහළ ධාරිතාවයකින් යුත් දඹුල්ල,ඉඟිණියාගල, උඩවලව, කලාවැව,ඉරණමඩු, හා මුරුතවෙල යන මිරිදිය අභිජනන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර 2017 වසරේ දී උඩවලව නව මධ්‍යස්ථානය ඉදිකර ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම දඹුල්ල,ඉගිණියාගල,උඩවලව,හා කලාවැව යන ජලජීවී මධ්‍යස්ථනවල මත්ස්‍ය බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මත්ස්‍ය අභිජනනාගාර වැඩිදියුණු කිරීම,පොකුණු සංඛ්‍යාව වැඩි කිරීම හා වැඩිදියුණු කිරීම සිදු කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 2017 ප්‍රගති වාර්තාව පෙන්වා දෙයි.

Related posts

දුම්රිය වර්ජනය හේතුවෙන් සති අන්තයේ විශේෂ දුම්රියත් අවලංගුයි

Mohamed Dilsad

මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ.

Mohamed Dilsad

ජනපති සහ අගමැති “රට රකින ජනමහිමය” රැළියට

Mohamed Dilsad

Leave a Comment