ප්‍රමුඛ පුවත 1

හෙරොයින් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – හෙරොයින් ලඟ තබාගෙන සිටි ඉන්දීය ජාතික පුද්ගලයින් දෙදෙනෙකු තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ආදම්ගේ පාලම අසල මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී අදාළ මත්ද්‍රව්‍ය  සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 423යි මිලි ග්‍රෑම් 900ක් හා බීඩි වර්ගයේ දුම්වැටි 157ක් සොයාගත් බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් දෙදෙනා තලෙයිමන්නාරම පොලිස් ස්ථානයට භාරදී ඇති අතර ඔවුන් අද (03) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආපදාවට ලක්වූ O/L සිසුන්ට දැනුම් දීමක් [VIDEO]

Mohamed Dilsad

සරත් අමුණුගම පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගනියි

Mohamed Dilsad

ආගමික ස්ථාන වල ආදමික කටයුතු සඳහා යාමට අද සිට අවසර

Mohamed Dilsad

Leave a Comment