ප්‍රමුඛ පුවත 1

ඡන්දයට තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කෙරේ

(UTV|කොළඹ) – මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජාතික හැදුනුම්පත් නොමැති ඡන්දදායකයින් සඳහා තාවකාලික හැදුනුම්පතක් නිකුත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.

තාවකාලික හැදුනුම්පත්  නිකුත් නොකිරීමට කලින් අදහස් කොට තිබුණ ද බොහෝ ඡන්දදායකයින්ට ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට ඇති අපහසුතාව සලකා මෙම තීරණය ගත් බවත් මේ සඳහා අදාළ චක්‍ර ලේඛණය ජනවාරි මස 2 වැනිදා  නිකුත් කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා මීට පෙර අනුමත කොට තිබුණේ ජාතික හැදුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය, වැඩිහිටි හැදුනුම්පත, රජයේ විශ්‍රාමික හැදුනුම්පත සහ පූජ්‍ය පක්ෂයට නිකුත් කරන හැදුනුම්පත් පමණි.

මේ අතර පසුගිය මැතිවරණ සඳහා කොමිසම විසින් නිකුත් කොට තිබූ තාවකාලික හැදුනුම්පත මෙම පළාත් පාලන මැතිවරණය සඳහා ද බලගැන්වීමට ගැන කොමිසම සාකච්ඡා කරමින් යන බව ද සභාපතිවරයා කීය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරදී ඇති අපේක්ෂකයින්ගෙන් 10%කට පමණ ජාතික හැදුනුම්පත් නොමැත.

ඔවුන් ඉදිරිපත් කොට තිබුනේ විදේශ ගමන් බලපත්‍රයි. සමහරුන් ඉදිරිපත් කොට තිබු ජාතික හැදුනුම්පත් දුර්වර්ණ වී අපැහැදිලි තත්ත්වයක  පැවැති බව ද දේශප්‍රිය මහකා තවදුරටත් කීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ව්‍යාජ රිදුරු බලපත්‍ර සකස් කල පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාසල්වල සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ඉගැන්වීම සදහා ගුරු පුහුණුවක්.

Mohamed Dilsad

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment