ප්‍රමුඛ පුවත 1

ශ‍්‍රී ලංකාව හරිත දිවයිනක් බවට පත්කිරීමට ජනපතිගේ කැපවීම ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සභාපතිවරයාගේ පැසසුමට

(UTV|කොළඹ) – ශී‍්‍ර ලංකාව හරිත දිවයිනක් බවට පත්කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සභාපති Tai Lee Siang මහතාගේ පැසසුමට ලක්වෙයි.

දිවයිනට පැමිණ සිටින ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාවේ තිරසර සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබා දිය හැකි සියලූ සහය ලබාදීමට තම කවුන්සිලය සූදානම් බව මෙහිදී පැවසූ සභාපතිවරයා හරිත නගර නිර්මාණ කටයුතුවලදී අවශ්‍ය තාක්ෂණික මෙන්ම උපදේශකත්ව සහය ලබාදීමට හැකි බව ද ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකා හරිත ගොඩනැගිලි සංගමය ලබා ඇති ප‍්‍රගතිය ද මෙහිදී සභාපතිවරයාගේ ඇගයීමට ලක්විය.

එමෙන්ම ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලයේ ඉදිරි වැඩපිළිවෙළ ද මෙහිදී ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ශී‍්‍ර ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සභාපති මහාචාර්ය රංජිත් දිසානායක, ආරම්භක සභාපති මහාචාර්ය පි‍්‍රයාන් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හරිත ගොඩනැගිලි සංකල්පය ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් ශී‍්‍ර ලංකා හරිත ගොඩනැගිලි සංගමය ගෙන යන වැඩපිළිවෙළ පිළිබද වාර්තාව ද එහි සභාපති මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

ජනපතිගෙන් නියෝගයක්

Mohamed Dilsad

පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment