ප්‍රමුඛ පුවත 1

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

(UTV|කොළඹ) – අද දිවයිනේ බෙහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුර, උතුරුමැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට වැසි ඇති විය හැක.

විශේෂයෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව යන පළාත්වලට වැසි ඇතිවන අවස්ථාවලදී තඳ සුළං තත්ත්වයක් ද ඇති විය හැකිය.

මේ අතර බස්නාහිර සහ දකුණු දෙසින් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 70ත් 80ත් අතර තඳ සුළං තත්ත්වයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

සෙසු මුහුදු ප්‍රදේශවලට ද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එබැවින් නාවික කටයුතු වලදී සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

කෙසේ වෙතත් දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින සුළි කුණාටු තත්ත්වය තවදුරටත් දිවයිනෙන් බැහැරව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එම සුළි කුණාටුව මේ වන විට කොළඹ සිට කිලෝමිටර් 600ක් පමණ දුරින් පවතින බවයි.

Related posts

සියලු මැයි දින රැළි අවලංගු කෙරේ

Mohamed Dilsad

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

Mohamed Dilsad

මරණ දණ්ඩනය සම්බන්ධ ලිපිගොනු අස්ථානගත වී නැත.

Mohamed Dilsad

Leave a Comment