ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

(UTV|කොළඹ) – දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත ඇති වන බවත් සමහර ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල මි.මී. 75 පමණ තරමක් වැසි ද ඇති විය හැකි බවත් පෙන්වා දෙයි.

උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන තරමක තද සුළං පැ.කි.මී.50 පමණ බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම සඳහා යුද්ධ හමුදාව සුදානම් – යුද්ධ හමුදාපති

Mohamed Dilsad

එජාපයේ අපේක්ෂක සජිත් – හරින්,නවීන් තහවුරු කරයි [PHOTOS]

Mohamed Dilsad

දුම්රිය වර්ජකයින්ට එරෙහි දැඩි පියවර

Mohamed Dilsad

Leave a Comment