ප්‍රමුඛ පුවත 1

වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

(UTV|කොළඹ) –  වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා(22) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව අනිද්දා උදෑසන 8.30 සිට පැය දහයහමාරක කාලයක් වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලට මෙන්ම කටුකුරුන්ද, පයාගල, මග්ගොන යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටවනු ඇත.

මීට අමතරව බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටවන බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර ද සිල්වා..

Mohamed Dilsad

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දුනිසියානු ‍නාවික නෞකා “උස්මාන් හරුන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට දින නියම වේ.

Mohamed Dilsad

Leave a Comment