ප්‍රමුඛ පුවත 1

වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

(UTV|කොළඹ) –  වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා(22) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව අනිද්දා උදෑසන 8.30 සිට පැය දහයහමාරක කාලයක් වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලට මෙන්ම කටුකුරුන්ද, පයාගල, මග්ගොන යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටවනු ඇත.

මීට අමතරව බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටවන බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

ලක්ෂ 4 ක දුම්වැටි සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු අත්අඩංගුවට…

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

තවත් සද්දන්තයෙක් දුම්රියට බිලි

Mohamed Dilsad

Leave a Comment