ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී තරුණයෙකු මරුට

(උදයම්,කොළඹ)   –  දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ කඩවත සිට ගොඩගම දෙසට ධානය වූ වෑන් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් අධිවේගී මාර්ගය මැද ආරක්ෂක වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුරෙන් වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් හිමි නමක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ පිටිගල පොරවගම පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් රේගු නිලධාරීන් භාරයට

Mohamed Dilsad

වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් විවෘත කෙරේ

Mohamed Dilsad

සියලු තැපැල් කාර්යාල අද වසා තබයි

Mohamed Dilsad

Leave a Comment