විදෙස්

තවත් සෙල්ෆියකට ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණියක්(වීඩියෝ)

(උදයම්,ඉන්දියාව)  –  සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් අවාසනාවන්ත ලෙස මියගිය තරුණියක් පිලිබඳව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ මුම්බායි හි  Marine Drive හිදී පසුගියදා මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.

එහිදී වෙරළ තීරයේ සිය මිතුරන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය 17 හැවිරිදි තරුණියක් මෙලෙස එක්වරම පැමිණි රළපහරකට හසුවී තිබේ.

එම අවස්ථාවේ එහි සිටි අයෙකු සැඩ රළපහරට පැන එම තරුණිය බේරාගැනීමට උත්සාහ කර ඇතත් රළු සැඩ පහර හේතුවෙන් තරුණිය සැඩ පහරට ගසාගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවන් වසා ඇත.

මෙම ස්ථානයේ සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කර ඇති නමුත් එය කඩකරමින් ඇතැමුන් තවමත් ඡායාරූප ගැනීමට යන බව වාර්තාවේ.

Related posts

දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩක්‍රියා දිනෙන් දින උග්‍ර අතට.

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ මැතිවරණ රැළියේ සිටි දෙදෙනෙකුට කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

Mohamed Dilsad

Leave a Comment