ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර සමුපකාර දිනය 95 වැනි වරට සැමරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(උදයම්,කුරුණෑගල)   –  5 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (ජුලි 01) පස්වරුවේ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රිඩාංගණයේ පැවත්විණි.

”සමුපකාර සංවර්ධන 2020 දැක්ම” කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

සමුපකාර මණ්ඩලය මගින් වයඹ පළාත් සමුපකාර සේවක අරමුදල සදහා ලබාදුන් රුපියල් මිලියන 100 ක මුදලට අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිතුමා අතින් නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.

ජාත්‍යන්තර සමූපකාර දින සැමරුමට සමගාමීව සංවිධානය කළ තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සම්මාන සහ සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ නිවසක යතුර ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

වයඹ පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළෙඳ, නිවාස ඉදිකිරීම්, කර්මාන්ත සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, එස්.බී නාවින්න, රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, චම්පිකා ප්‍රේමදාස, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෙජ්.සී. අලවතුවල සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ද සමුපකාර කොමසාරිස් එල් නසීර් මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

සමාජ මාධ්‍ය හරහා බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් [VIDEO]

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුවල පිටුවහල් කිරීම ගැන තීන්දුව දීම කල් යයි

Mohamed Dilsad

රුපියල් තුන්කෝටි දස ලක්ෂයක භාණ්ඩ විනාශ කෙරේ

Mohamed Dilsad

Leave a Comment