ප්‍රමුඛ පුවත 1

නව අමාත්‍යවරු දෙදෙනෙක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙයි

(උදයම්,යාපනය)   –  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා තවත් අමාත්‍යවරු 2 ක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ අනුව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය වශයෙන් කටයුතු කරන ලද සී.වී.විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ජලසම්පාදන හා පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

අනන්ති ශෂිධරන් මහත්මිය උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යවරිය ලෙස පත් කර ඇත.

එමෙන්ම ආචාර්ය කන්දයියා සරවේෂ්වරන් මහතා උතුරු පළාත් අධ්‍යාපන, ක්‍රීඩා සහ යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත් කර තිබේ.

Related posts

ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට

Mohamed Dilsad

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට තහනමක්

Mohamed Dilsad

සමගි ජන බලවේගය හංසයා ලකුණින් මහමැතිවරණයට

Mohamed Dilsad

Leave a Comment