ප්‍රමුඛ පුවත 1

වර්ජනය අතරතුර වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ගැටුමක්

(උදයම්,කොළඹ)  –  සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කොළඹ පැවති විද්වත් සමුළුවක් අතරතුර වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ගැටුමක්  හටගෙන තිබේ.

මෙම විද්වත් සමුළුව ඊයේ (22) කොළඹ පදනම් ආයතනයේදී පැවැත් වුණි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙහිදී පහරකෑමට ලක් වූ එක් වෛද්‍යවරයෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

එහි අවසන් අදියරේදී තේ පැන් සංග්‍රහයක් පවත්වා ඇති අතර, එය අතරතුරදී වෛද්‍යවරුන් දෙපිරිසක් අතර කිසියම් කරුණක් සම්බන්ධයෙන් බහින් බස්වීමක් හට ගෙන ඇති අතර පසුව එය දුරදිගගොස් පහරදීමක් බවට පත්ව ඇති බව සදහන්ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් විමසීමක් කළ විට එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප්‍රකාශ කළේ තේ පැන් සංග්‍රහයේදී තේ කෝප්පයක් හිස මතට වැටීමෙන් වෛද්‍යවරයෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි.

කෙසේ වෙතත් කුරුදුවත්ත පොලීසියෙන් අප කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ රෝහල් ගත වූ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත් අතර ඔහු බහින් බස්වීමක් නිසා අදාළ සිද්ධිය ඇති වූ බව ප්‍රකාශ කළ බවයි.

සිද්ධිය සමතයකට පත්වූ බවත්, වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නොමැති බවත් රෝහල් ගත වූ වෛද්‍යවරුන් දැනුම් දුන් බව කුරුදුවත්ත පොලිසියේ අදාළ නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

විශාලම හෙරොයින් තොගයට සම්බන්ධ සැකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට කුමාර වික්‍රමසිංහ මහතා…

Mohamed Dilsad

අනවසරයෙන් පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගන්නන්ට ඒවා භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

Leave a Comment