කලා

කරිෂ්මා කපූර් රිදී තිරයට සමු දෙයිද?

(උදයම්,ඉන්දියාව)  – අවුරුදු විසිපහක රංගන ජීවිතය තුළ සම්මාන පිට සම්මාන දිනපු කරිෂ්මා කපූර් යළි රිදී තිරයෙන් නම් දැක ගැනීමට නොලැබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇය ඉන්දීය සිනමාවේ වැඩිම මුදලක් සිය රංගනය වෙනුවෙන් අය කරපු සිනමා තරු අතරෙන් ඉහළින්ම වැජඹුණු රංගන ශිල්පිනියකි.

“රාජා හින්දුස්තානි” “දිල්තෝ පාගල් හේ” වැනි බොලිවුඩ් සිනමා නිර්මාණ හරහා සිනමා ලෝලී ප්‍රේක්ෂක සිත් තමන් වෙත ඇද බැඳ තබා ගැනීමට සමත් වූ ඇය පසුගිය දිනක ඉන්දීය මාධ්‍යය වෙත සිදු කළ ප්‍රකාශයක් නිසා මෙලෙස බොලිවුඩය තුළ වැඩි අවධානයක්යොමුව තිබේ.

නැවත රිදී තිරයට එන්න සැලසුමක් තිබේද යනුවෙන් ඇසු විට ඇය පවසා ඇත්තේ, තමන් මේ වෙන තුරු ජීවිතේ සිදුකළ කිසිම දෙයක් සැලසුම් කර සිදුකළ දේ නොවන නිසා ආපසු  රිදී තිරයට ඒමට සැලසුමක්නොමැති බව පවසා ඇත.

වසර 2013න් පසු ඇය රිදී තිරය තුළින් දැකගන්න නොලැබීමත් සමඟ කරිෂ්මා කපූර් යළි රිදී තිරයට නොපැමිණෙනු ඇති බව බොහෝ පිරිස පවසති.

Related posts

රන්බීර් – ආලියාගේ කල් ගිය විවාහය යළිත් කරළියට

Mohamed Dilsad

ජනප්‍රිය රංගන ශිල්පී විවේක් දිවිගමනට සමුදෙයි

Mohamed Dilsad

ජනප්‍රිය නිළි උදාරිගේ දියණියගේ උපන්දින සැමරුම

Mohamed Dilsad

Leave a Comment