විදෙස්

ඉන්දියාවේ ගවපොර නතර කිරීමට එරෙහිව විරෝධතා

(උදයම්,ඉන්දියාව) – ගවයින් ක්‍රීඩාවේ යෙදවීම තහනම් කරමින් ඉන්දීය රජය ලබාදුන් නියෝගයකට එරෙහිව චෙන්නායි හි විරෝධතාවක් පැවැත්වේ.

ඉන්දීය මැරීනා වෙරළ ආසන්නයේ විරෝධතාකරුවන් කඳවුරු ඉදිකරමින් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි ඉන්දීය වාර්තා සඳහන් කරයි.

එරට සත්ත්ව හිංසනය පිටුදැකීමේ සංවිධානයක් විසින් ගවයින් ක්‍රීඩාවේ යෙදවීම තහනම් කරන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවේ කළ පැමිණිල්ලකට අනුව මෙම නියෝගය ලබාදී ඇත.

ගවයින් ක්‍රීඩාවේ යෙදවීම කාලයක් තිස්සේ සිදුකරන සංස්කෘතික අංගයක් බව විරෝධතාකරුවෝ පවසති.

Related posts

ත්‍රස්තවාදයට එරෙහි ට්‍රම්ප්-මෝඩි මෙහෙයුම

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ උපදේශකයින් පිරිසක් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

නව ප්‍රහාරක ජෙට් යානා 100ක් මිලට ගනී

Mohamed Dilsad

Leave a Comment