ප්‍රමුඛ පුවත 1

විපතට පත් මව ගුවනේදී බිහි කළ දරුවා මිය යයි

(උදයම්,රත්නපුරය )  –  රත්නපුරයේ ආපදාවට ලක්ව සිටි ගැබිණි මවක් ගුවන් මගින් රැගෙන යන අවස්ථාවක හෙලිකොප්ටර් යානය තුලදී ප්‍රසුත කල දරුවා මිය ගෙස් ඇති බව වාර්තාවේ.

මෙසේ බිහිවූ දරුවා මේ වනවිට මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙය සති විසි හයක අඩු වයස් දරු උපතක් බැවින් මෙලෙස දරුවා මියගොස් ඇත.

කලවානේ සිට රත්නපුරය දක්වා රැගෙන යමින් සිටියදී අදාළ ගැබිණි කාන්තාව දරුවා ප්‍රසූත කර තිබේ.

පසුව මව සහ දරුවා රත්නපුර රෝහලට ඇතුලත් කර ඇත.

අඩු වයසින් බිහිකර ඇති දරුවා බේරා ගැනීමට  වෛද්‍යවරුන් උත්සහ දැරුවද එය අසාර්ථකවී තිබේ.

Related posts

සමුද්‍රීය පරිසර සභාව පළමු වරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ

Mohamed Dilsad

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට

Mohamed Dilsad

මාතර සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගය හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment