ප්‍රමුඛ පුවත 1

මිලියන 3ක දුම්වැටි තොගයක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රු.මිලියන 3ක වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගත බව ගුවන්තොටුපළ රේගුව පවසයි.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා කියා සිටියේ පැකැට්ටු 300ක් ලෙස මෙම දුම්වැටි අසුරා තිබු බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ හා අද (29) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට දෝහා කටාර් සිට පැමිණි QR 668 සහ QR 1070 ගුවන් යානා දෙකින් මෙම දුම්වැටි තොගය ගෙන්වා ඇති බව වාර්තාවේ.

සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ වයස අවුරුදු 36ක හා වයස අවුරුදු 38ක ව්‍යාපාරිකයින් වන බව වාර්තාවේ.

රේගුව විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන්ට දඩ මුදල් නියම කිරීම සිදුකරන අතර අනතුරුව මෙම දුම්වැටි තොගය විනාශ කිරීමට නියමිතයි.

Related posts

රට තුල එක නීතියක් ක්‍රියාත්මක වනවා [VIDEO]

Mohamed Dilsad

චමල් රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

අද රාත්‍රීයේ සිට සඳුදා අළුයම තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment