විදෙස්

යුරෝපය ඇමෙරිකාවේ උපදෙස් ප්‍රතික්ෂේප කරයි

(උදයම්,කොළඹ ) – යුරෝපයේ රටවල්වලට කිසිවෙකුගේ උපදෙස් අවශ්‍ය නොවන බව ප්‍රංශය ප්‍රකාශ කරයි.

ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාන්සුවා හොලන්ඩ් මේ බව කියා සිටියේ පසුගියදා ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි.

ඔහු මීට පෙර කියා සිටියේ ජර්මනිය සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති නිවැරදි නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ද අදහස් පළ කර තිබේ. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නිසි තීන්දු ගැනීම යුරෝපා කවුන්සිලය සතු රාජකාරියක් බව ඇය මෙහිදී පවසා ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ජෝන් කෙරී, වෙබ් අඩවියකට ප්‍රකාශ කර ඇත්තේ වෙනත් රටක දේශපාලනික කරුණු සදහා මැදිහත් විම සුදුසු ක්‍රියාවක් නොවන බවයි.

 

Related posts

පිලිපීනයේදී ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ලේකම්වරිය සිය ධුරයෙන් ඉවත් වේ

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයේ තවත් භූකම්පනයක්

Mohamed Dilsad

Leave a Comment