විදෙස්

මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයේ පිපිරීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට(වීඩියෝව)

(උදයම්,එංගලන්තය)  –  එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයක් අතර සිදුවු පිපිරීමකින් පුද්ගලයන් 22 නෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

55 දෙනෙකු පමණ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කළේය.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව එංගලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශකර ඇත.

මෙය මරාගෙන  මැරෙන පිපිරීමක් බවට ද වාර්තා පළවී තිබෙනවා.

පිපිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර එම ප්‍රදේශයෙන් ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ සමග මැන්චෙස්ටර් නුවර වික්ටෝරියා දුම්රිය ස්ථානය ද වසා දමා ඇති අතර දුම්රිය ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තාවේ.

Related posts

විශ්ව රූ රැජින දකුණු අප්‍රිකාවෙන්

Mohamed Dilsad

චීනයේ සත්වෝද්‍යානයක් තුලදී කොටියෙකු වෙඩිකයි

Mohamed Dilsad

කොරෝනා ලෙබනනයට සහ ඊශ්‍රායලයටත්

Mohamed Dilsad

Leave a Comment