විදෙස්

කුවේට්හි විදෙස් ශ්‍රමිකයින්ට විශේෂ නිවේදනයක්

(උදයම්,කුවේට් ) –  කුවේට් හි සේවය කරන විදෙස් ශ්‍රමිකයන් වෙත එරට මාධ්‍ය විශේෂ නිවේදනයක්  නිකුත් කරයි.

පෙබරවාරි මාසයේදී විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළ යනු ඇති බවට මීට පෙර විදෙස් මාධ්‍ය නිවේදනය කර තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එරට මාධ්‍ය නැවත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ මෙලෙස ගාස්තු ඉහළ දැමීම විදෙස් ශ්‍රමිකයන්ට අදාළ නොවන බවයි.

ඒ අනුව මෙලෙස ගාස්තු සෞඛ්‍ය ඉහළ දැමීම සිදුවන්නේ එරට සංචාරය කිරීමට පැමිණෙන පුද්ගලයන්ට බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර එරට රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමේදී කාමරයක් සඳහා දිනකට අයකළ මුදල ඉහල දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව එරට පුරවැසියන්ගෙන් රෝහල් කාමරයක් සඳහා අයකළ කුවේට් ඩිනාර් 1ක මුදල කුවේට් ඩිනාර් 5ක් දක්වා ඉහළ යයි.

විදෙස් ශ්‍රමිකයන්ගෙන් රෝහල් කාමරයක් සඳහා අයකළ කුවේට් ඩිනාර් 5ක මුදල කුවේට් ඩිනාර් 15ක් දක්වා ඉහළ යනු ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ජපානයේ සජීවකරණ චිත්‍රාගාරයක ගින්නකින් විසිතුන්දෙනෙකු මරුට

Mohamed Dilsad

මුම්බායි අධික වර්ෂාවත් සමඟ මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළට

Mohamed Dilsad

යුක්‍රේනයත් ලොක්ඩවුන් කරයි

Mohamed Dilsad

Leave a Comment