දේශීය

අලි විදුලි වැට සඳහා වැඩ වරදී | විදුලි බල මණ්ඩලයෙන් තීරණයක්

(UTV | කොළඹ) –අනවසර විදුලි රැහැන් ඇදීම හේතුවෙන් 2023 වසරේදී අලි ඇතුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2023 වසරේදී විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනඅලින් 474 දෙනෙකු ද මරණයට පත්වී ඇති බවය.

ගණනය කිරීම්වලට අනුව වනඅලි 6000ක් පමණ ශ්‍රී ලංකාවේ වෙසෙන අතර ඉන් මෙම මරණ සිදුවී ඇති බවද  ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.

මෙම නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දෙන විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ සඳහා ජනතාවගේ සහයෝගය ද අවශ්‍ය බවය.

ඒ අනුව විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් පිළිබඳව 1987 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ වහාම ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

අගමැති හරිනිට විරෝධය පළකළ ස්ටාලින්, රැස්වීමෙන් පිටව යයි.

Editor O

තවත් ආසාදිතයින් 542 ක් සුවය ලබයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය ජංගම දුරකථන වලිනුත්

Mohamed Dilsad

Leave a Comment