දේශීය

රු මිලියන 60ක කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

කැනඩාවේ සිට මෙරටට භාණ්ඩ ආනයනය කළ බහාලුමක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

පසුගිය මස 25 වනදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බලකාය විසින් සිය භාරයට ගෙන තිබුණි.

 

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු කළ පරීක්ෂාවේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සොයා ගැනුණි.

 

එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ වන බව වාර්තා වෙයි.

 

කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට මෙම මත්ද්‍රව්‍ය එවා ඇති අතර මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිණි නියෝජිතයා මෙලෙස රේගු අත්අඩංගුවට ගන්නා ලදී.

 

ඉතාලියේ සිට ගෙන්වූ බහාලුමක තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් සහ අමෙරිකාවේ සිට ආනයනය කරන ලද බහාලුමක තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.5ක් මීට පෙර සොය ගැනුණි.

 

ගෙවීගිය මාස තුනක කාලය තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක් රේගු භාරයට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අතර කුෂ් සහ හෂීස් යන මත්ද්‍රව්‍ය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

කැනඩාවේ සිට මෙරටට භාණ්ඩ ආනයනය කළ බහාලුමක් තුළ තිබී හලෙස සොයාගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා අද (16) ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත ගියා අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් පිරිසකට කොරෝනා

Mohamed Dilsad

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව සංවිධානය කළ ලේ දැන් දීමේ කඳවුර සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පිළිබඳ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment