විදෙස්

හමාස් නායකයා ගේ නිවාස වටලයි

ගාසා තීරයේ සිය මෙහෙයුම් පුළුල් කරමින් සිටින ඊශ්‍රායල හමුදා දකුණු දිග ගාසා තීරයේ විශාලතම නගරය වන ඛාන් යුනිස් වටලා එහි මධ්‍යයේදී හමාස් සන්නද්ධ කණ්ඩායම් සමග ගැටෙන බව වාර්තා වෙයි.

 

එහිදී දහස් සංඛ්‍යාත පලස්තීන සිවිල් වැසියන් ඊජිප්තුව ආසන්නයේ රෆා නගරයට සහ මධ්‍යධරණී වෙරළ තීරයට ආරක්ෂාව පතා ගොස් ඇති බව වාර්තා වෙයි.

 

එම ප්‍රදේශ ආරක්ෂිත බවට ඊශ්‍රායල හමුදා පත්‍රිකා හෙළුවත්, ආරක්ෂාව පිළිබඳ එවැනි කිසිදු සහතිකයක් නොමැති බව පලස්තීනුවන් පවසයි.

 

රෆා නගරයේ නිවහනකට ඊයේ එල්ල වූ එවැනි ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

 

ඛාන් යුනිස් නගර මධ්‍යයේ ඊශ්‍රායල හමුදා සමග දරුණු සටනක නිරතවන බව හමාස් සංවිධානයද ප්‍රකාශ කරයි.

 

කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාවල බෝම්බ ප්‍රහාර උත්සන්න වෙද්දී පලස්තීන සිවිල් වැසියන් මියයාම සහ තුවාල ලැබීම සිඝ්‍රයෙන් ඉහළගොස් ඇති බව පලස්තීනුවන් සඳහන් කළේය.

 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් තෙනත්යාහු ප්‍රකාශ කළේ ඊශ්‍රායල හමුදා හමාස් සංවිධානයේ ගාසා තීරයේ නායක යෙහියා සින්වාර්ගේ, ඛාන් යුනිස් නගරයේ පිහිටි නිවස වටලා ඇති බවයි.

 

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දකුණු දිග ගාසා තීරයේ පමණක් නොව එහි උතුරු සහ මධ්‍යම ප්‍රදේශවලට ද එල්ල කෙරෙන බවත්, එලෙස මධ්‍යම ගාසා තීරයේ නිවසකට ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව පලස්තීන WAFA ප්‍රවෘත්ති සේවය සඳහන් කළේය.

 

අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළ පරිදි උතුරුදිග ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරයකින් එකම පවුලක ඥාතීන් 22ක් මියගොස් තිබුණි.

Related posts

බෝම්බ නිෂ්පාදකයෙකු සොයා මෙහෙයුමක්

Mohamed Dilsad

උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක්

Mohamed Dilsad

මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණිකයන් 900ක් පමණ බේරා ගනී

Mohamed Dilsad

Leave a Comment