විදෙස්

ගාසා තීරයේ ළමුන් ගැන යුනිසෙෆ් සංවිධානයෙන් විශේෂ හෙළිදරව්වක්

සෑම දිනකම ගාසා තීරයේ ළමුන් 420 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයට ලක්වීම හෝ තුවාල සිදුවීම සිදුවන බව යුනිසෙෆ් සංවිධානය විසින් ප්‍රකාශකර තිබේ.

 

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් පැවසුවේ ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය ගාසා තීරයෙන් ඔබ්බට වූ බටහිර ඉවුරට ද ව්‍යාප්ත වී ඇති බවය.

 

පලස්තීන සහ ඊශ්‍රායල දරුවන් අත්විඳිමින් සිටින දරුණු කම්පනයේ ප්‍රතිවිපාක ජීවිත කාලය පුරාම පැවතිය හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

 

මීට අමතරව දරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙසට සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේ පවසා ඇත.

Related posts

ඉන්දීය ගොවීන් ට්‍රැක්ටර් හතලිස් ලක්ෂයකින් දිල්ලියට

Mohamed Dilsad

තමිල්නාඩු ධීවරයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

තෝමස් කුක් ගුවන් සේවා සමාගම සිය සේවා අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment