විදෙස්

හමාස් සටන්කාමීන්ගෙන් හෙළිදරව්වක්

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් මැද ඊශ්‍රායල පොලීසිය නිකුත් කළ වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

 

එහි දැක්වෙන්නේ ඊශ්‍රායල ආරක්ෂක අංශ හමාස් සටන්කරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරන ආකාරයයි.

 

මෙහි සිටින සටන්කරුවන් අතරින් එක් අයෙකු පවසන්නේ එක් ප්‍රාණ ඇපකරුවෙකු රැගෙන එන අයෙකුට මුදල් සහ නිවසක් ලබාදෙන බවට හමාස් ප්‍රධානීන් පැවසූ බවය.

 

හමාස් සටන්කරුවෙකු වන ජිහාඩ් ෆවුසි මුහම්මඩ් අල් හමීඩා,

 

“පිරිමි පුද්ගලයින් මරා දමන ලෙසත් කාන්තාවන්, වැඩිහිටියන් සහ දරුවන් ප්‍රාණ ඇපයට ගන්නා ලෙසත් උපදෙස් ලබා දුන්නා”

 

හමාස් සටන්කරුවෙකු වන ෂාදි මුහමද් අල් මජ්ඩ්ලාවි,

 

“ඔවුන් අපිට කිව්වා, එක ප්‍රාණ ඇපකරුවෙකු අරන් එනවට ගෙදරකුයි අමෙරිකානු ඩොලර් 10,000කුයි තෑගි දෙනවා කියලා”

Related posts

හවායි ලැව්ගිනිවලින් මියගිය ගණන ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට අදාළ ඇමෙරිකානු තීරු බදු ප්‍රතිශතය සියයට 20% දක්වා අඩු කරයි

Editor O

ලෝක දෙකක් එකතුකරන අලුත්ම ඇපල් හෙඩ්සෙට් එක

Mohamed Dilsad

Leave a Comment