දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

 

අද සිට ලබන 10 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

 

අද (07) ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

හෙට (08) සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබද පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය.

 

එමෙන්ම ලබන 10 වනදා ‍මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් තුනක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ඒ අනුව පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය.

 

මේ අතර ලබන වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් “අයවැය කතාව” නොවැම්බර් මස 13 වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 14 වන දින සිට 21 වන දින දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වන දින පස්වරු 06ට පැවැත් වේ.

 

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වන දින පස්වරු 06ට පැවැත්වීමට නියමිතය.

Related posts

හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය [PRESS RELEASE]

Mohamed Dilsad

අද පස්වරු 6 සිට දුම්රිය ධාවනය නවතී

Mohamed Dilsad

යුද හමුදාපතිට පැනවූ තහනමට ශ්‍රී ලංකා රජයෙන් විරෝධය

Mohamed Dilsad

Leave a Comment