දේශීය

ඉරාන ජාතිකයින් 9කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

මීට වසර 4කට පෙර ධීවර යාත්‍රාවක් මගින් මෙරටට හෙරොයින් රැගෙන විත් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනාවලට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 9 දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

 

“අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේ, හෙරොයින් ග්‍රෑම් 80ක් එම විත්තිකරුවන් විසින් රැගෙන විත් තිබූ අතර, ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම නියෝගය ලබාදී ඇත.

 

එම විත්තිකරුවන්ව ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ජාතන්තර ගිවිසුම අනුව එකි සිරදඬුවම් ලබාදීමට ඉරානයට පිටුවහල් කිරීමට පියවර ගන්නා ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබේ.

 

එම නඩුව අද දින කැදවු අවස්ථාවේදී සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විත්තිකරුවන් සියලුදෙනා එකී චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රකාශ කර ඇත.

Related posts

ගුවන්තොටුපොළ සේවකයෝ උද්ඝෝෂණයක

Editor O

උසස් පෙළ විභාගයට එන කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රවාහන දීමනාවක්

Mohamed Dilsad

ජනාධිපතිගෙන් ගුරුවරුන් ට පාඩමක්.

Editor O

Leave a Comment