දේශීය

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සති අන්තයේ දිවයිනට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දෙදින නිල සංචාරයක් එළැඹෙන සතිඅන්තයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

 

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙනන්කොන් මහතා සඳහන් කළේ, සැප්තැම්බර් මස 02 වෙනිදා දිවයිනට පැමිණෙන ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ලබන 03 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවය.

 

මෙරට සංචාරයේ නිරත වන කාලය තුළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් හමු වී සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වේ.

 

එමෙන්ම ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතර එහිදී තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට ද අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

මාලිමාවට බලය හිමි, දඹුල්ල සභාවේ අයවැය දෙවන වරටත් පරාදයි

Editor O

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46 ක් සදහා උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment